ඇෆ්ගනිස්ථානයේ දරුණුතම හා ක්‍රියාකාරී ත්‍රස්ත කණ්ඩායමක් ලෙස සැලකෙන හක්කානි ත්‍රස්ත ජාලයේ නිර්මාතෘ ජලලුදීන් හක්කානි මිය ගොස් ඇති බව ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානය නිවේදනය කර තිබේ.තලෙයිබාන් සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ජලලුදීන් හක්කානි වර්තමාන යුගයේ ප්‍රමුඛතම ශුද්ධ යුධ සෙන්පතියෙකු බවයි.

මොහු අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩ්න් ට රැකවරණය ලබා දීමට ඉදිරිපත් වූ අයෙකු ලෙසද සැලකේ.

මේ වන විට ඇෆ්ගනිස්ථාන හක්කානි ත්‍රස්ත ජාලය මෙහෙයවනු ලබන්නේ ජලලුදීන් හක්කානි ගේ පුත්‍රයා වන සිරජුඩීන් හක්කානි විසිනි.